වන අලි උවදුරට පිලියම් ඉල්ලා ශ්‍රාවස්තිපුර ගම්වාසීන් විරෝධතාවක

Saturday, 17 November 2018 - 16:13

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%8B%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
වනඅලි ගම්වැදීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස වනජිවි දෙපාර්තමේන්තුවට බල කරමින් අනුරාධපුර - ශ්‍රාවස්තිපුර - මොරගොඩ ගම්වාසීන් අද විරෝධතාවක නිරත වුණා.

ඔවුන් අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ අතර ඒ හේතුවෙන් ගමනාගමන කටයුතු ද ඇණහිටි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

තම වගාවන්ට හානි කරමින් වනඅලි ප්‍රදේශයේ ගැවසෙන බව පවසමින් සහ ජීවිත කිහිපයක් ද වනඅලි ප්‍රහාරවලට ලක්ව අහිමිවී ඇති බව එහිදී විරෝධතාකරුවන් කියා සිටියා.

කෙසේ වෙතත්, පසුව පොලීසිය මැදිහත්ව විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories