ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය අද සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට දිස්වේ

Sunday, 18 November 2018 - 15:08

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B6%9C%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය අද (18) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකි වන බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා.

නාසා පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් සඳහන් කළ පරිදි අද පස්වරු 6.40යේ සිට විනාඩි 4ක කාලයක් අයි.එස්.එස්. හෙවත් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට දිස් වනු ඇති.

වලාකුළුවලින් බාධාවක් නොවුණහොත් ශ්‍රී ලංකාවාසීන්ට එය පැහැදිලිව දැක ගත හැකි වනු ඇති බව ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයේ චාරිකාවකට එක්වූ ඉතාලි ජාතික ගගනගාමී ඉග්නාසියෝ මග්නානි සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

පෘථිවියේ පහළ කක්ෂයක ස්ථානගතව ඇති ගගනගාමීන්ට රැදී සිටිය හැකි කෘතිම චන්ද්‍රිකාවක් වන ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය 1998 වසරේ උඩුගුවනට යැවූ අතර වසර 2028 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

ගගනගාමීන් කිහිප දෙනෙකුට දිගු කලක් රැදී සිටිය හැකි පරිදි සකස් කර ඇති එහි නාන කාමර දෙකක්, ශරීර සුවතා අංශයක් සහ පෘථිවය ඇතුළු අභ්‍යාවකාශ වස්තූන් නිරීක්ෂණය කළ හැකි අංශක 360ක දර්ශන තලයක් ද වනවා.

අයි.එස්.එස්. අද මෙන්ම නැවතත් නොවැම්බර් 20 වන බදාදා උදෑසන 5.18ට විනාඩි 5ක කාලයක් දර්ශනයවීමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories