සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර අයදුම්කරුවන්ට යොමු කෙරේ

Tuesday, 20 November 2018 - 10:00

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍රවල ගැටළු ඇත්නම් ඒ පිළිබදව කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

පසුගිය සිකුරාදා වන විට සියළුම සාමාන්‍ය පෙළ පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර පාසල් වෙත සහ පෞද්ගලික අයදුමිකරුවන්ගේ ප්‍රවේශපත්‍ර තැපෑලට යොමු කළ බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

ලබන මස 3 වන දා සිට 12 වන දා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර මෙවර විභාගයට අයදුම්කරුවන් හයලක්ෂ 56,641 දෙනෙකු පෙනී සිටින බවද ඔහු කියා සිටියා.

මේ අතර, මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තවමත් ජාතික හැඳුනුම්පත් ලබා නොගත් අපේක්ෂකයින්ට ඒ සඳහා කඩිනමින් අයදුම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් සියයට 95 කට පමණ මේ වනවිටත් ජාතික හැඳුනුම්පත් නිකුත් කර ඇති බවයි.

ඒ හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ දින වෙන් නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories