කාබුල් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට

Wednesday, 21 November 2018 - 10:22

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+50+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඊයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එම ප්‍රහාරයෙන් 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඊයේට යෙදුණු නබි තුමන්ගේ උපන් දිනය සැමරීම සඳහා කාබුල් නුවර දේවස්ථානයකට රැස්ව සිටි පිරිසක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

බෝම්බය පුපුරා යන අවස්ථාවේ දේවස්ථානය තුළ 1000කට ආසන්න පිරිසක් රැදී සිට තිබෙනවා.

කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories