Tuesday, 04 December 2018 - 10:39
පාර්ලිමේන්තු ගැලරිය හෙටත් වැසෙයි
පාර්ලිමේන්තුව රැස්වන හෙට (05) දිනයේදී ද මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත නොකිරීමට වේත්‍රධාරීවරයා තීරණය කර තිබෙනවා.
මේ අනුව ගැලරියට පිවිසීමේ අවස්ථාව මාධ්‍යවේදීන්ට පමණක් හිමි වන අතර පාර්ලිමේන්තු සැසි වාරය සජීවිව විකාශය කිරීම සඳහා ද මාධ්‍ය ආයතන වෙත අවසර ලබාදී ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.