19+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%AD%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
Thursday, 06 December 2018 - 18:12
19 වන සංශෝදනයේ දුර්වලතා ඇත්නම් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග මගින් සංශෝදනය කිරීමට සූදානම් - ජනපති
9,384

Views
19 වන ව්‍යවස්ථා සංශෝදනයේ කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් දේශපාලන වශයෙන් ගැටලුසහගත වන කරුණුවලට අදාළ සංශෝදන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා.

මෙහිදී 19 වන  සංශෝදනයේ හරය සහ එමගින් ඇති කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ.

19 වන සංශෝධනය සම්මත කර ගනු ලැබුවේ දශක තුනක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලූකාරි තත්ත්වය විසදීම සදහා බව ද එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

එම සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී තිබෙනවා.

එය රට නූතන යුගයකට ගෙන යාම සදහා අත්‍යාවශ්‍ය වූවක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,490 Views
56,827 Views
21,763 Views
28,867 Views
1,385 Views
106,575 Views
Top