Hirunews Logo
%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 06 December 2018 - 19:50
රාජ්‍ය උත්සව පැවැත්වීම පිළිබද, ජනපතිගෙන් චක්‍රලේඛයක්
17,601

Views
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රමුඛ සියළුම රජයේ ආයතන උත්සව, රැස්වීම් මෙන්ම විවිධ වැඩසටහන් පැවැත්වීමේදී පෞද්ගලික හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මතයි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. එමඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම උත්සව සහ වැඩසටහන් පැවැත්වීමේදී සුඛෝපභෝගී හෝටල් භාවිත කිරීමද සම්පූර්ණයෙන් තහනම් බවයි.

එම වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ්‍රවණාගාර සහ ආයතන භාවිත කරන ලෙසටද උපදෙස් ලබාදී තිබෙනවා.

සුඛෝපභෝගී හෝටල්වල රජයේ උත්සව සහ වැඩසටහන් පැවැත්වීම මඟින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ජනාධිපතිවරයා විසින් ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.  


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
Hiru News Programme Segments
1,122 Views
34,895 Views
14,904 Views
19,786 Views
96 Views
84,619 Views
Top