Hirunews Logo
%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%B8+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 07 December 2018 - 7:17
වායු දූෂණය ඉහළම නගරය නවදිල්ලියයි
5

Shares
635

Views
ලොව වායු දූෂණය ඉහළම නගරය ඉන්දියාවේ නවදිල්ලි පුරවරය බව එරට මාධ්‍ය අනාවරණ කළා.

ජාතික හරිත විනිශ්චය සභාව මගින් වායු දූෂණය ඇති කරන්නන්ට එරෙහිව විශාල දඩුවම් සහ දඩ මුදල් නියම කළ ද එම තත්ත්වය වෙනස් වී නොමැති බවයි එමගින් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය දවාලන ආයතනවලට එරෙහිව ඉන්දීය රුපියල් කෝටි 25 දක්වා දඩ නියම කිරීමට දිල්ලි රජය පියවර ගත්තා.

එහෙත්, හරිත විනිශ්චය සභාවට කිලෝමීටර් කිහිපයක් නුදුරින් තවමත් ප්ලාස්ටික් සහ පොලිතීන් ගිනි තැබීම් දක්නට ලැබෙන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.

ඉන්දීය මධ්‍යම වායු දූෂණ පාලන මණ්ඩලය ප්‍රකාශ කළ පරිදි අද දිනයේ නවදිල්ලියේ වායු තත්ත්ව දර්ශකය සටහන් වන්නේ 355 ක් ලෙසයි.

සුළං වේගය අඩු වීම ඇතුළු කාලගුණ තත්ත්වයන් ද ඊට බලපා ඇති බව සදහන්.

ඒ අනුව අද, ලෝකයේ වායු දූෂණය ඉහළම නගරය නවදිල්ලියයි.

ලෝක ජනගහනයෙන් සියයට 18 ක් නියෝජනය කරන ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් සිදුවන අකල් මරණ වලින් සියයට 26 ක් වාර්තා වන බව මේ පිළිබද සටහනක් ඉදිරිපත් කළ හින්දු පුවත්පත කියා සිටියා.

ඒ අනුව, පසුගිය 2017 වසරේ ඉන්දියාවේ සිදුවූ සෑම මරණ 8 කින් එකකටම හේතු වී ඇත්තේ වායු දූෂණයයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,458 Views
9,750 Views
8,818 Views
8,970 Views
1,349 Views
55,957 Views
Top