Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
Friday, 07 December 2018 - 12:20
රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින්නැයි යළි නියෝග
25

Shares
3,038

Views
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ලබන වසරේ පෙබරවාරි මස 26 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද යළි නියෝග කෙරුණා.

ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වන නඩුවේ විනිසුරු මඩුල්ල තීන්දුව ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද අධිකරණයේ පෙනී සිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 03 වැනිදා රන්ජන් රාමනායකට නොතීසි නිකුත් කළ අතර, ඒ අනුව ඔහු අධිකරණයට පැමිණ සිටියා.

එහිදී රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නොතීසිය තම සේවාදායකයා වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර සහ එල්.ටී.බී.දෙහිදෙනිය ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ අදාළ නොතීසිය සහ ප්‍රශ්නගත ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියේ පිටපතක් වගඋත්තරකරුට ලබාදෙන ලෙසයි.

එමෙන්ම, ඒවායේ පිටපත් නීතිපතිවරයාටද යොමුකරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව තවත් නඩුවක් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන අතර, පසුගිය වසරේ අගෝස්තු මස 21 වනදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙරට විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවයි.

එමඟින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබුණා.

ඊට අදාළ නඩුව අවසන් වරට කැඳවූ පසුගිය සැප්තැම්බර් 05 වැනිදා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ නඩුවේ සාක්ෂි විභාගය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකිරීමටයි.

ඒ අනුව එය ලබන 10, 11 සහ 12 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top