Hirunews Logo
%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B6%BD+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1
Friday, 07 December 2018 - 12:57
කාලගුණ අවදානම ඉහල රටවල් අතර ශ්‍රී ලංකාවට දෙවැනි තැන
60

Shares
7,273

Views
ගත වූ දශක දෙක තුළ ලෝකයේ විපරීත කාලගුණයෙන් වැඩිම බලපෑමක් ඇති වූ ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට නම් කර තිබෙනවා. පෝලන්තයේ - කැටොවයිස් හි පැවති එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ සමුළුවේදී එම දර්ශකය ප්‍රකාශයට පත් කෙරුණා.

එය 2019 වසර සඳහා වන ගෝලීය කාලගුණ අවදානම් දර්ශකය ලෙස නම් කර ඇති අතර, එහි වැඩිම අවදානමක් සහිත රට ලෙස නම් කර ඇත්තේ කැරිබියානු පුවටෝ-රීකෝ රාජ්‍යයයි.

ශ්‍රී ලංකාව දෙවන ස්ථානයටත්, ඩොමිනිකා රාජ්‍යය තුන්වන ස්ථානයටත් නම් කර ඇති අතර, පස්වන ස්ථානයේ දක්වා ඇත්තේ නේපාලයයි.

ගෝලීය කාලගුණ අවදානම් දර්ශකය මගින් සුළි සුළං, ජල ගැලීම්, උණුසුම් වා දහර, ඇතුළු කාලගුණ සංසිද්ධීන් වලින් එක් එක් රටවලට ඇති වූ බලපෑම සහ ඉදිරි අවදානම ඇගයීමට ලක් කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෝසම් වැසි සමඟ පසුගිය වසරේ මැයි මාසයේ මෙරට ඇති වූ නායයාම් සහ ජල ගැලීම් වලින් පුද්ගලයින් 200 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූ බවයි.

එමගින් දිස්ත්‍රික්ක 12 ක හය ලක්ෂයක ජනයා අවතැන් වූ අතර, වැඩිම හානියක් සිදුව ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයටයි.

ලෝක කාලගුණ අවදානමට වැඩි වශයෙන්ම නිරාවරණය වන ලොව මුල්ම රටවල් 10 අතුරෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක්ම පහළ මැදි ආදායම්ලාභී රටවල්.

ලෝක කාලගුණ සමුළුවේදී ප්‍රකාශ වූ වාර්තාවට අනුව, 1998 සිට 2017 දක්වා කාලය තුළ ලොව පුරා කාලගුණ ආපදා 11,500 ක් සිදුව ඇති අතර, එයින් මියගිය සංඛ්‍යාව පන්ලක්ෂ 26,000 ක්.

මේ අතර, බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් සබරගමුව පළාතේ මෙන්ම, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට අද දිනයේත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top