%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%82+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Saturday, 08 December 2018 - 16:19
ජනපති, දියමං පාලම නිරීක්ෂණය කරයි
1,237

Views
පොළොන්නරුව - ගිනිපෙට්ටි පාලමට සමාන්තරව ඉදිකෙරෙන නව දිය මං පාලමේ ඉදිකිරීමේ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද නිරීක්ෂණය කර තිබෙනවා.

එම ස්ථානයට ගිය ජනාධිපතිවරයා පාලමේ ඉදකිරීමේ කටයුතු පිළිබදව සොයා බැලූ අතර අදාළ ඉංජිනේරුවන්ට උපදෙස් ලබාදුන්නේ ඉදිකිරීම් කඩිනම් කර, එහි ප්‍රතිලාභ ගොවිජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙසයි.

පිබිදෙමු - පොළොන්නරුව වැඩසටහන යටතේ දිගුකාලීන පියවරක් ලෙස මෙම පාලම ඉදිකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

පොළොන්නරුව - විජයබාපුර ප්‍රදේශයේ පිහිටි මෙම පාලම පරාක්‍රම සමුද්‍රයෙන් ගොවි බිම් වෙත ජලය ගෙන යන එකේ ඇළට අයත් වන අතර, ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 2500ක්.

එමගින් කුඹුරු අක්කර 18,000කට ජලය සැපයීමට නියමිතයි.

ඉන් අනතුරුව පොළොන්නරුව - නිශ්ශංකමල්ලපුර - ශ්‍රී විජයාරාම විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා එහි අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ද නිරීක්ෂණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අතර, පිබිදෙමු - පොළොන්නරුව වැඩසටහන යටතේ පොළොන්නරුව - ගනන්ගොල්ල ප්‍රදේශයේ දුගී පවුලක් සඳහා අලූතින් ඉදිකරන ලද නව නිවසක් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද එම පවුලට භාර දුන්නා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top