බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු

Wednesday, 12 December 2018 - 6:31

%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තමිල් නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවට විශ්වස කරන බවයි.
 
ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල ප්‍රධාන වශයෙන් අද (12) දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40 දක්වා වන තරමක් තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories