%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%BB%E0%B6%AE+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
Thursday, 13 December 2018 - 12:39
ව්‍යාජ බස්රථ ඇල්ලීම නවතී
1,327

Views
මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරන පෞද්ගලික මගී බස් රථ වැටලීම ඔක්තෝම්බර් මාසයේ සිට නැවතී ඇතැයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

පරිපාලන ගැටළු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි අප කළ විමසීමකදී අනාවරණ වුණේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ මෙලෙස මාර්ග බලපත්‍ර නොමැති බස් රථ 3,000 කට අධික සංඛ්‍යාවක් ධාවනය කෙරෙන බවයි.

අධිවේගී මාර්ගවල එවැනි බස් රථ 100 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය කෙරෙන අතර, කොළඹ - යාපනය දක්වා එවැනි බස් රථ 60 ත් 70 ත් අතර ප්‍රමාණයක් ධාවනයට එක් කර ඇති බව ගැමුණු විජේරත්න සඳහන් කළා.

පසුගිය මස 29 වනදා තුන්දෙනෙකුට මරු කැඳවමින්, නාත්තන්ඩිය ප්‍රදේශයේදී හැමිල්ටන් ඇළට පෙරළුනු අධි සුඛෝපභෝගී බස් රථයද ධාවනය කර ඇත්තේ මාර්ග බලපත්‍රයක් නොමැතිව බවට හෙළිවී තිබෙනවා.

මෙලෙස බලපත්‍ර නොමැතිව බස් රථ අනතුරට ලක්වූ පසු ආපදාවන්ට ලක්වන මගීන්ට වන්දි මුදල් නොලැබෙන බවයි බස් සංගම් ප්‍රකාශ කළේ.

අප මේ පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.පී.හේමචන්ද්‍රගෙන් විමසීමක් කළ අතර, මගීන් අසීමිතව රක්ෂණය කළ බවට තහවුරු නොකරන බස් හිමියන්ට මාර්ග බලපත්‍ර ලබා නොදෙන බවයි ඔහු කියා සිටියේ.  

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,490 Views
56,827 Views
21,763 Views
28,867 Views
1,385 Views
106,575 Views
Top