එජාපයෙන් චෝදනාවක්

Thursday, 13 December 2018 - 18:48

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවට ගරු කරනු ඇතැයි විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.

ඒ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර අත්සන් කළ බව හැඟවෙන කූඨ ලේඛණයක් ප්‍රචාරය කිරීමේ අසාර්ථක උත්සාහයක ඇතැම් පිරිස් නිරත වී සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ එවැනි කිසිදු ගිවිසුමකට දෙපාර්ශවයම පැමිණ නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කළ බව ද එම පක්ෂය කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අදාළ කූඨ ලේඛණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.

මේ අතර, අද පස්වරු 7 ට එක්සත් ජාතික පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories