%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 13 December 2018 - 20:13
ලේක්හවුස් ගිය එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සහ සේවකයන් අතර ගැටුමක්
2,667

Views
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් අනතුරුව එක්සත් ජාතික පාක්ෂිකයින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී එය සමරන ආකාරය දක්නට ලැබුණා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් දඹුල්ල නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සතුට සැමරූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ද එම ස්ථානයට පැමිණිමත් සමග ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

මේ අතර, එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අද පස්වරුවේ ලේක් හවුස් ආයතනයට ඇතුළු වීමට උත්සාහ ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මෙලෙස ලේක්හවුස් ආයතනයට කඩා වැදීමට උත්සහ දරා තිබුනේ කෝට්ටේ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් ඇතුළු පිරිසක්.

ඔවුන් මෙම ස්ථානයට පැමිණ තිබුනේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට සිටයි.

ඔවුන් ලේක් හවුස් ආයතනයට ඇතුළු වීමට ගත් උත්සාහ පොලිසිය ව්‍යර්ථ කළ ද ලේක් හවුස් ආයතනයේ සේවකයින් සහ එම පිරිස අතර ගැටුමක් හටගත්තා.

එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ඒ අසල සිටි ආබාධිත පුද්ගලයෙකුගේ කිහිලිකරුවක් රැගෙන පහරදෙන ආකාරය කැමරාවල සටහන් වී තිබුනා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,490 Views
56,827 Views
21,763 Views
28,867 Views
1,385 Views
106,575 Views
Top