ආණ්ඩු වෙනස ඉටු නොවූවත් ප්‍රබල දේශපාලන බලවේගයක් ගොඩ නැගුණා - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි

Saturday, 15 December 2018 - 13:48

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මහජනතාව අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගත නොහැකි වුවත් ඊට මඟ පාදන ප්‍රබල දේශපාලන බල කඳවුරක් නිර්මාණය කිරීමට හැකි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ - විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මහමැතිවරණයක් නොමැතිව අගමැති ධුරය දැරීමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති අතර,තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහා තමන් අගමැති ධුරයෙන් ඉවත් වී නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට ඉඩ ලබාදුන් බවත් හිටපු ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශයෙන් පෙන්වා දෙනවා.

එසේම ඉදිරි කාලයේදී සිය ප්‍රධාන ඉලක්කය මේ වනවිට වසරකුත් මාස 3ක් පමණ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීම බවයි හිටපු ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය තුළින් අවධාරණය කළේ. 

නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට ඉඩ ලබාදුන් බවද හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. එමෙන්ම පළාත් සභා මැතිවරණය ඊළඟ ඉලක්කය බව සඳහන් කළ ජනාධිපතිවරයා රටට එරෙහි දුර්දාන්ත බලවේග මර්දනය කිරීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ දැනුම්දීමට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් අද පෙරවරුවේ කොළඹ - විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණ සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ පසුගිය දිනවල ආණ්ඩුවට සහය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට එක්ව නොසිටි බවටයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තැබූ අතර, එහිදී මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ඡායානා කරමින් ඔහුට ආශිර්වාද කළා.   

මේ අතර හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමෙන් පසු සිය කාර්ය මණ්ඩලය භාවිත කළ නිල රථ සහ උපකරණ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත යළි භාරදී තිබෙනවා.





එම සම්පුර්ණ නිවේදනය මෙතනින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories