ජනපතිගෙන් මහවැලි අධිකාරියට උපදෙස්

Tuesday, 18 December 2018 - 18:18

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
ඉදිරි යල කන්නයේ දී මහවැලි කලාපවල වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීම සදහා පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මහවැලි කලාප මිරිස් වගාව ඇතුළු අතිරේක ආහාර බෝගවලින් සශ්‍රිකව පැවතිය ද අද වන විට එම වගාවන් විනාශ වී ඇති අතර අධික පිරිවැයක් දරමින් එම නිෂ්පාදන පිටරටින් ගෙන්වීමට සිදුව ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.  

එබැවින් රටේ ජාතික ආහාර නිෂ්පාදනය සදහා පුළුල් දායකත්වයක් දැක්විය හැකි පරිදි මහවැලි කලාප අස්වැද්දීමට නව කෘෂි වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙසට මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙනවා.  

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අභ්‍යන්තර උසස්වීම්වලට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (18) පෙරවරුවේ එක්වෙමින්.

දේශීයව වගා කළ හැකි ආහාර බෝග හැකි තරම් වගා කිරීම මගින් ආනයනය සීමා කිරීම හා දැරීමට සිදුවන විශාල පිරිවැය කෘෂිකර්මාන්තය නැංවීමට යොදා ගැනීමට හැකිවන අතර එය රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පිටිවහලක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.  

වසර ගණනාවක් පුරා පැවති නියං තත්ත්වය පහව ගොස් ලැබී ඇති වැසි සමය ආශිර්වාදයක් කර ගනිමින් රට පුරා කෘෂිකාර්මික ව්‍යාපෘති නව ජවයකින් සහ ප්‍රබෝධයකින් ක්‍රියාවට නැංවිය යුතු බවට ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories