Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+21+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+28+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 11 January 2019 - 16:56
ජනවාරි 21 සිට 28 දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක්
36

Views
ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරින් සමග අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය තුලදී මත්ද්‍රව්‍ය භාවිතයේ ආදිනව පිළිබද සමාජය දැනුවත් කිරීමට වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී පාසල් දරුවන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම පොදු ජනතාව ඉලක්ක කර ගනිමින් නිර්මාණාත්මක වැඩසටහන් සම්පාදනය පිළිබදව මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ගේ අවධානය යොමු කර තිබෙනවා.

ඒ පිළිබද සිය පෞද්ගලික අවධානය යොමු කරමින් දායකත්වය ලබාදෙන ලෙසටයි මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුකාරවරුවන්, පළාත් ප්‍රධාන ලේකම්වරු ඇතුළු නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ.

මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසට කටයුතු කරන සමයේ සිටම මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙන ගිය සටන හේතුවෙන් මේවන විට මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද ලෝකයේ සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාව තුල නීති රීති දැඩිව පවතින බවයි.

එම නීති රීති තවදුරටත් ශක්තිමත් කරමින් මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට තම ධූර කාලය තුළ ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද ඔහු සඳහන් කළා.
 
උතුරු නැගෙනහිර පළාත්වල මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුනා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,533 Views
13,343 Views
9,585 Views
9,803 Views
138 Views
59,998 Views
Top