%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%83+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%AB%E0%B6%BA
Friday, 11 January 2019 - 18:28
ත්‍රිකුණාමලය අහස වර්ණවත් කළ ගුවන් හමුදා සංදර්ශණය
164

Views
ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ ආධුනිකයන් විසිරයාමේ පෙළපාලියක් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී පැවැත්වුනා.

පෙළපාලියේ අණදෙන්නා ලෙසට විංග් කමාන්ඩර් රොෂාන් ගුණවර්ධන කටයුතු  කළ අතර මෙහිදී කෙඩෙට් නිලධාරී පාඨමාලා සම්පූර්ණ කළ නිලධාරීන් සහ නිලධාරිනියන් 31 දෙනෙකු අධිකාරියට පත් කර තිබෙනවා.

පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරූ ගුවන් නියමුවන් 6 දෙනෙකුට පියාසර ලාංඡන පැළඳවීම ද මෙහිදී සිදු කෙරුනා.

ආධුනික ගුවන් භට පාඨමාලා හැදෑරූ ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 656 දෙනෙකු මෙහිදී විසිර ගිය අතර සුවිශේෂී දක්ෂතා දැක්වූ නිලධාරීන්ට විශේෂ සම්මාන ද ප්‍රදානය කළ බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.

මෙහිදී ගුවන් කරනම් සංදර්ශණයක්, පැරෂුට් සංදර්ශණයක් මෙන්ම සරඹ සංදර්ශණයක් ද පැවැත්වුනා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top