නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායකවරුන් ජනපති හමුවේ

Friday, 11 January 2019 - 18:37

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට එක්ව සිටියේ වයඹ පළාත නියෝජනය කරන නිදහස් පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්.

එමෙන්ම මේ වන විට බස්නාහිර සහ සබරගමුව පළාත් නියෝජනය කරන දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.

ඉදිරි දින කිහිපයේදීද පළාත් කිහිපයක සංවිධායකවරුන් කොළඹට කැඳවා ඇති බව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ අතර, මහජන සේවාවන් විධිමත් සහ කාර්යක්ෂම කරමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නව ආණ්ඩුකාරවරුන් තම වගකීම ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවකදීයි.

ජනවාරි 21 වැනිදා සිට 28 වැනිදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ පිළිබඳවද ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයද අද සිසු අයිතියට පැවරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ නවීන තාක්ෂණික දැනුමත් සමඟ ගුණ යහපත් පරපුරක් රට තුළ ගොඩනැගෙනු දැකීම තම අපේක්ෂාව බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories