Hirunews Logo
%E0%B6%86%E0%B6%AB%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
Saturday, 12 January 2019 - 15:04
ආණමඩුවෙන් කාන්තා මළ සිරුරක් සොයාගැනේ
44

Views
ආණමඩුව - පූනවිටිය - ආඩිගම ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී අත්පා ගැට ගසා ඝාතනය කළ එම නිවසේ පදිංචි කාන්තාවකගේ සිරුරක් පොලීසිය අද  සොයාගත්තා.

ඇගේ ගෙළ වයරයකින් සිරකර, දෙඅත් ගැටගසා තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

පොලීසිය ප්‍රකාශ කළේ 66 හැවිරිදි ඇය තම සැමියා සමඟ නිවසේ පදිංචිව සිට ඇති බවයි.

මේ අතර පිලියන්දල - හැඩිගම - අලූත්පාර ප්‍රදේශයේ දීද කැපුම් තුවාල සහිතව මිය ගිය තරුණයෙකුගේ සිරුරක් පොලීසිය ඊයේ රාත්‍රියේ සොයාගත්තා.

මිය ගොස් තිබුණේ 22 හැවිරිදි රත්මලාන - ජයසුමනාරාම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඔහුගේ ගෙල සහ පපු ප්‍රදේශයේ කැපුම් තුවාල කිහිපයක් තිබූ අතර, ඒ අනුව එය ඝාතනයක් බවට පොලීසිය සැක කරනවා.

එසේම තරුණයා පැමිණි බවට සැක කරන යතුරුපැදිය අසළ ප්‍රදේශයක තිබී අද දහවල් සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

එසේම අම්බලන්තොට - පහළ බැරගම ප්‍රදේශයෙන්ද පුතෙකුු විසින් මල් පෝච්චියකින් පහරදී තම පියා ඝාතනය කළ සිද්ධියක් වාර්තාවුණා.

මියගොස් ඇත්තේ 56 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සීදූව - ඔටුගොඩ ප්‍රදේශයේ නිවසක ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් කාන්තාවක සිදුකළ තල්ලූ කිරීමකින් ඇද වැටුණු 48 හැවිරිදි පුද්ගලයෙකුද ඊයේ රාත්‍රියේ මියගොස් තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,645 Views
13,434 Views
9,606 Views
9,835 Views
151 Views
60,093 Views
Top