ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් හින්දු ජනතාව තෛපොංගල් සමරයි

Tuesday, 15 January 2019 - 6:59

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%9B%E0%B6%B4%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දිවයින පුරා හින්දු ජනතාව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් තෛපොංගල් උත්සවය අද සමරනු ලබනවා.

සියළුම ධ්‍යාන වර්ගවලින් සමන්විත විශේෂ කිරිබතක් පිළියෙල කර එය සූර්යයාට පූජා කිරීමෙන් අනතුරුවයි කෝවිල්වල තෛපොංගල් දින ප්‍රධාන ආගමික උත්සවය ආරම්භ කෙරුණේ.

වතුකරයේ හින්දු ජනතාව ද හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිලේදී තෛපොංගල් උත්සවය සමරනු ලැබුවා.

එම කෝවිලේ ප්‍රධාන කුරුකල් බ්‍රහ්ම ශ්‍රී චන්ද්‍ර නන්ද පූජකතුමන් විසින් හින්දු ජනතාවට ආශිර්වාද කරමින් පූජාව පැවැත් වූ බවයි හැටන් හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළේ.

මේ අතර, උතුරේ දෙමළ ජනතාව ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරූ බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

උක් ගසින් වට වූ මණ්ඩපයක කිරි උතුරුවා කිරිබත් පිළියෙල කර විශේෂ සූර්ය දේව පූජාවක් සිදුකරමිනුයි වව්නියාව කන්දසාමි කෝවිලේ තෛපොංගල් සැමරුම සිදුකෙරුණේ.

එමෙන්ම පසුගිය දා උතුර ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සහන කඳවුරුවල රැදී සිටින ජනතාව ද අද දිනයේ තෛපොංගල් උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරූ බවයි වව්නියාව හිරු වාර්තාකරු දිනසේන රතුගමගේ කියා සිටියේ.

මේ අතර, කොළඹ ප්‍රදේශයේ කෝවිල්වල ද තෛපොංගල් උත්සවය නිමිත්තෙන් විශේෂ පූජා සංවිධානය කර තිබුණා.

කොළඹ - බම්බලපිටිය - ශ්‍රී මූර්ති විනයාගර් කෝවිලේ ද විශේෂ ආශිර්වාද පූජා මේ වන විටත් පැවැත්වෙන බවයි කොළඹ හිරු වාර්තාකරු වසන්ත නිරෝෂන් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories