දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි

Thursday, 17 January 2019 - 8:11

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පස්වරු 2න් පසුව රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම වයඹ, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ බස්නාහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories