මාවනැල්ල මයුරපාද ජාතික පාසල ඉදිරිපිට විරෝධතාවක්

Thursday, 17 January 2019 - 9:59

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා කරමින් මාවනැල්ල - මයුරපාද ජාතික පාසල ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් අද නිහඬ විරෝධතාවක නිරත වුණා.

ඔවුන් කියා සිටියේ පළමු ශ්‍රේණියට ඉල්ලූම් පත් යොමු කළ පාසල අවට  පදිංචි සිසුන් කිහිප දෙනෙකු ඇතුළත් කර නොගැනීමට පාලන අධිකාරිය කටයුතු කර ඇති බවයි.

එමෙන්ම, ගුරුවරු නොමැතිකමින් කුරුණෑගල - මහව අධ්‍යාපන කලාපයට අයත් ගුරුලූපිටිගම ප්‍රාථමික විද්‍යාලයට සිය දරුවන් ඇතුලත් කර ගැනිමට නොහැකි වි ඇති බව දෙමව්පියන් පවසනවා.

ඔවුන් ප්‍රකාශ කළේ කලාප අධ්‍යාපන කාර්යාලයට මේ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවක දැනුම් දුන්න ද මෙතෙක් තම ගැටළුවට විසදුමක් ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත්,  ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී අද පැවති පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ පවතින ගුරු හිඟය පියවීමට මෙම වසරේදී අපේක්ෂා කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories