Hirunews Logo
%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7
Thursday, 17 January 2019 - 10:34
ගෝඨාභයගේ නඩුව දිනපතා විභාගයට
6

Shares
773

Views
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව මේ මස 22 වන දා සිට දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.

ඒ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව සලකා බැලූණු අවස්ථාවේදියි. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් සඳහන් කළේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ නිලධාරීන් 18 දෙනෙකු නම් කර ඇති බවයි.

ඔවුන් විදේශගත විය හැකි බැවින් විදේශගතවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

ඒ අනුව අදාළ නියෝගය නිකුත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ බව සාක්ෂිකරුවන්ට දැනුම් දෙන ලෙසයි මහාධිකරණය, රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ.

නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනාම අධිකරණයට පැමිණ සිටියා.

මේ අතර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද යළි ප්‍රකාශ කළා.

ඒ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර, ඊට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,285 Views
15,828 Views
10,160 Views
10,453 Views
185 Views
62,651 Views
Top