%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Thursday, 17 January 2019 - 11:11
විරෝධතා මැද අගමැති සබරගමුවේ වෛද්‍ය පීඨය විවෘත කරයි
383

Views
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරුන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද සිදුකෙරුණා.

කෙසේ වෙතත්, ඊට විරෝධය පළ කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් විරෝධතාවක නිරත වුණේ කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය බටුහේන ප්‍රදේශයෙන් අවහිර කරමින්.

අද දහවල් පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාව පැවති අතර, පසුව ඔවුන් මාර්ගයේ එක් මංතීරුවක ගමනාගමන කටයුතු සිදුකිරීමට හැකි අයුරින් විරෝධතාවයේ නිරත වුණා.

එම ස්ථානයට පොලිස් කැරලි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ යොදවා තිබූ අතර, සිසුන් සහ පොලිසිය අතර එහිදී වචන හුවමාරුවක්ද ඇතිවුණා.

පසුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කෙරුණු අතර, ඊට පෙර අග්‍රාමාත්‍යවරයා රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කළා.

එහි වාට්ටු කිහිපයක නිරීක්ෂණ චාරිකාවකටද එක්වූ අග්‍රාමාත්‍යවරයා රෝහලට නව ගිලන් රථ දෙකක්ද ලබාදුන්නා.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් පසුගිය 2015 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 1325 ක් වැය කර ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top