ගුරු පුරප්පාඩු සපුරන ලෙස ඉල්ලා දෙමව්පියන් පිරිසක් උද්ඝෝෂණයක

Friday, 18 January 2019 - 10:44

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A
කුරුණෑගල - ගිරිබාව - ගුරුළුපිටිගම ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම නතර කර ඇතැයි පවසමින් සිසුන් සහ දෙමව්පියන් අද පෙරවරුවේ එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

එහිදී දෙමව්පියන් කියා සිටියේ පාසලේ පවතින ගුරු හිගය හේතුවෙන් මෙලෙස සිසුන් ඇතුළත් කර ගැනීම නතර කර ඇති බවයි.

මෙම ගැටලූව පිළිබදව විමසීම සදහා ගිරිබාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එල්.ඩබ්ලිව්.ඒ.එම්. ලන්සක්කාරගෙන් විමසීමට අප අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දුරකථනය විසන්ධි කිරීම හේතුවෙන්.

මේ අතර, තිස්සමහාරාම - රන්මිණිතැන්න කනිෂ්ඨ විද්‍යාලයේ පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් සපුරන ලෙස ඉල්ලා දෙමව්පියන් පිරිසක් අද තිස්සමහාරාම - කතරගම ප්‍රධාන මාර්ගය බෝගහපැලැස්ස විහාරස්ථානය අසලින් අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා.

ගණිතය සහ සෞන්දර්ය විෂයන් සදහා විද්‍යාලයේ පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන ලෙසයි විරෝධතාවයේ නිරත දෙමව්පියන් ඉල්ලා සිටියේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories