කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට නේවාසික ආරක්ෂක උපදේශකවරයෙක්

Friday, 18 January 2019 - 14:30

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නව නේවාසික ආරක්ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අශ්මාන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මුණ ගැසී තිබෙනවා.

බන්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී එම හමුව සිදුවී ඇති අතර, මහකොමසාරිස් කාර්යාලයේ මෙතෙක් කටයුතු කළ අනේවාසික ආරක්ෂක උපදේශක ගෲප් කපිතාන් ෆේ‍්‍රසර් නිකර්සන් ද එම අවස්ථාවට සහභාගි වී තිබෙනවා.

ඔහු කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළේ නවදිල්ලිය කේන්ද්‍රකොට ගනිමින්.

එමෙන්ම, ශ්‍රී ලංකාවටම විශේෂිත බ්‍රිතාන්‍ය ආරක්ෂක උපදේශකවරයෙකු මෙලෙස පත් කර ඇත්තේ වසර 10 කට පසුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories