Friday, 18 January 2019 - 15:05
සුඩාන විරෝධතාවකදී වෙඩි තැබීමක් - දෙදෙනෙකු මිය ගොස් 9කට තුවාල
සුඩානයේ ජනාධිපති ඔමාර් අල් බෂීර්ට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ වෛද්‍යවරයෙකු සහ 16 හැවිරිදි සිසුවෙකු බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
එරට ආරක්ෂක අංශ සිදුකර ඇති වෙඩි තැබීමෙන් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.