Hirunews Logo
%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%AB+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 20 January 2019 - 11:51
ප්‍රවීණ රංගන ශිල්පී මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි
5

Shares
641

Views
ප්‍රවීන සිනමා නළු මාක් සැම්සන් වයස අවුරුදු 63 ක්ව සිටියදී අද (20) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වැලිවේරියේ පිහිටි ඥාති නිවසකදී අද (20)  උදෑසන ඔහු අභාවප්‍රාප්ත වූ බව මාක් සැම්සන්ගේ ඥාති සොහොයුරියක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

ඔහු කළක් රෝගාතුරව සිටි බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

1984 වසරේදී ජයසිකුරුයි චිත්‍රපටයෙන් රිදී තිරයට පැමිණි මාක් සැම්සන් දෑසේ මල් පිපිලා, සුර දරුවෝ, ඔක්කොම රජවරු, හොඳින් නැත්නම් නරකින්, දඩබිම, ඔබ මට විශ්වාසයි, සිංහ රජා, චෙරියෝ ඩොක්ටර් ඇතුලු චිත්‍රපට 35ක පමණ රඟ පෑ අතර, පුංචි තිරයටද කැපී පෙනෙන දායකත්වයක් දක්වනු ලැබුවා.

මාර්ක් සැම්සන් අවසන් වරට රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය වූයේ හිරු ටී.වී ඔස්සේ විකාශය කෙරුනු උරුමයක අරගලය ටෙලිනාට්‍යයි.

උරුමයක අරගලය, හෙළ වීරකාව්‍ය කතාංගයේ 200 වන කතාංගය සැමරීම නිමිත්තෙන් මහා සංඝ රත්නය උදෙසා පවත්වනු ලබන දානමය පින්කමක් පසුගිය දෙසැම්බර් මස (05) වනදා කොලොන්නාව රජමහා විහාරස්ථානයේදී පැවැත් වු අතර ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි මාර්ක් සැම්සන් ද එම අවස්ථාවට එක්ව සිටියා.








Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
196 Views
16,064 Views
10,240 Views
10,509 Views
233 Views
62,933 Views
Top