ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරකට තලෙයිබාන් ප්‍රහාරයක් - සෙබළුන් 126ක් මරුට

Tuesday, 22 January 2019 - 8:01

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+126%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ වර්ඩක් ප්‍රාන්තයේ හමුදා මූලස්ථානයකට ඊයේ එල්ල වූ තලෙයිබාන් ප්‍රහාරයකින් සෙබළුන් 126 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

හමුදා පුහුණු මධ්‍යස්ථානයක් මෙහි පිහිටා තිබූ අතර, විශේෂ පුහුණුව ලැබූ කමාන්ඩෝ භටයන් 8 දෙනෙකු ද එලෙස මිය ගොස් ඇති බව ඇෆ්ගන් ආරක්ෂක අංශ සඳහන් කළා.

පුපුරණ ද්‍රව්‍ය පැටවූ මෝටර් රථයක් කඳවුරේ මුරපොළ ආසන්නයේ පුපුරුවා, ඉන් අනතුරුව තවත් එවැනි රථයක් කඳවුර තුළ ද පිපිරීමට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරීමත් සමඟ කඳවුරට කඩා වැදුණු සන්නද්ධ තලෙයිබාන් සාමාජිකයන් සෙබළුන් රැසක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.  

 
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories