Hirunews Logo
%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A9%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Monday, 11 February 2019 - 21:18
පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට
21

Shares
2,568

Views
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරිම සම්බන්ධයෙන් තිරණය කරන කමිටුව අද පස්වරුවේදී මුදල් අමාත්‍යාංශයේදී රැස් වුණා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරවුම්හල් වල මෙතෙක් රුපියල් 123 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 129 ක්.

මෙතෙක් ලීටරයක් රුපියල් 147 ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 5 කින්.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 152 ක් වනවා.

රුපියල් 99 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළ දැමීමත් සමග එහි ලීටරයක නව මිල රුපියල් 103 ක් වනු ඇති.

මීට අමතරව රුපියල් 118 ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8 කින් ඉහළ දමා තිබෙනවා.

සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 126 ක් වනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ජාත්‍යන්තර වෙළඳ පොලේ බෙරතෙල් මිල හා සැසදීමේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 9 යි ශත 59 කින් ඉහළ දැමිය යුතුව තිබූ බවයි.

නමුත් ජනතාවට සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට අයහපතක් නොවන අයුරින් ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් පමණක් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ ගියද 2018 මැයි මාසයේ පැවැති මිලට වඩා නව මිල පහත මට්ටමක පවතින බැවින් බස්, ත්‍රි රෝද රථ සහ අනෙකුත් සේවා ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවද මුදල් අමාත්‍යාංශය සිය නිවේදනය මගින් අවධාරණය කරනවා.


rnrn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ජනතා අයිතියට
Thursday, 21 February 2019 - 6:23
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” අද(20)... Read More
News Image
Hiru News Programme Segments
832 Views
16,457 Views
10,331 Views
10,609 Views
313 Views
63,354 Views
Top