Thursday, 14 February 2019 - 13:18
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පරිසර විනාශයට සම්බන්ධ පුද්ගලයින්ට තනතුරු නොබලා නීතිය ක්‍රියාත්මකයි - ජනපති
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පරිසර විනාශයන්ට සම්බන්ධ පුද්ගලයින්ට තනතුරු තානාන්තර නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුවට අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
අනුරාධපුර - සල්ගාදු ක්‍රීඩාංගණයේ මෙම සමුළුව පැවති අතර, එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා කේරළ ගංජා සමඟ ජනාධිපති ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එම වැටලීම් සිදුකළ පොලිස් නිලධාරීන්ට සිය ස්තූතිය පළ කරන බවයි.