Thursday, 14 February 2019 - 13:42
අල්ලස් ලබාගත් ගාල්ල - අනුලාදේවි බාලිකාවේ විදුහල්පතිනිය රිමාන්ඩ්
පාසලේ පළමු ශ්‍රේණියට සිසුවියක ඇතුළත් කරගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් ගාල්ල - අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඇය අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විදුහල්පතිනිය ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පාසලේ විදුහල්පති නිල කාර්යාලය තුළදී අදාළ අල්ලස් මුදල ලබාගනිමින් සිටියදියි.