ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල

Thursday, 14 February 2019 - 22:04

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කොටහේන ග්‍රෑන්ඩ්පාස් - මැල්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

පොලිසිය පැවසුවේ මියගිය පාතාල කල්ලි සාමාජික මාලිගාවත්තේ ෆාජිගේ දෙවන බිරිදට මෙලෙස වෙඩි තබා ඇති බවයි.

ඇයගේ පපු ප්‍රදේශයට සහ කම්මුල්වලට තුවාල සිදුව ඇති බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

මේ අතර හෙරොයින් ළග තබාගත් සැකකරුවෙකු කඩවත නගරයේදී අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදුවූ පොර බැදීමකින් රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

ඔහු මේ වනවිට රෝහල්ගත කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‍අද පස්වරු 5 ට පමණ කඩවත පොලිස් ස්ථානයට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි පදික මාරුව ආසන්නයේදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

ඒ, අදාල පොලිස් සැරයන්වරයා විසින් සැකකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පැමිණි ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමට යාමේදීයි.

පොලිසිය සඳහන් කළේ එහිදී ත්‍රිරෝද රථය නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් සැරයන්වරයා සිය ගිනි අවිය පෙන්වා රථය නවත්වන ලෙස නියෝග කර ඇති බවයි.

එහිදී සැකකරු ගිනි අවිය උදුරා ගැනීමට යාමත් සමග පොලිස් සැරයන්වරයා සැකකරු සමඟ පොර බදින අතරතුරදී එය ක්‍රියාත්මක වී සැරයන්වරයාගේ වම් අතට තුවාල සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් එම නිලධාරියා සහ පොලිසිය එක්ව අදාළ සැකකරු අත්අඩංගුවට ගත්තා.

එම අවස්ථාවේ ත්‍රි රෝද රථයේ සිටි ඔහුගේ බිරිඳ, මව සහ නැඟණියද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති හොරොයින් ප්‍රමාණය ග්‍රෑම් 10 ක්.

ඊට අමතරව ඔවුන් පැමිණි ත්‍රි රෝද රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාල සිදුවූ සැරයන්වරයා කඩවත පොලිසියේ දූෂණ මර්ධන අංශයට අනියුක්තව සේවය කරන්නෙක් අතර, ඔහු මේවන විට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories