Hirunews Logo
%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Tuesday, 19 February 2019 - 9:16
ත්‍රී රෝද රථ අනතුරකින් දෙදෙනෙක් මරුට
32

Shares
3,884

Views
අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත්ව ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු සහ නව කුරුදුවත්ත කරගල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි වාර්තා වන්නේ.

අද (19) අලුයම 2.30 ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ නාවලපිටිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය පත්තුනු පිටිය වරකාව දෙවන රේල් ගේට්ටුව අසලදියි.

ගම්පොල සිට ගිනිගත්හේන දක්වා අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය නාවලපිටිය සිට ගම්පොල දක්වා ප්‍රතිවිරුධ දිශාවෙන් ධාවනය වු ටිපර් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයේ ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසුවේ.

ත්‍රිරෝද රථය අනතුරට පත් විමත් සමග ත්‍රිරෝද රථය තුළ ජිවිතක්ෂයට පත් වි සිටි රියදුරා සහ තවත් එක් අයෙකුගේ සිරුරු එම මාර්ගයේ ගමන් ගත් වැන් රථයක සිටි පිරිසක් සහ නාවලපිටිය පොලිසියේ නිලධාරින් එක්ව ඉවතට ගෙන නාවලපිටිය මුලික රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.
 
නාවලපිටිය පොලිසිය විසින් ටිපර් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතිබවයි අප වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
News Image
Hiru News Programme Segments
370 Views
19,091 Views
10,955 Views
11,309 Views
3 Views
66,101 Views
Top