කිම් ජොං අන්, ට්‍රම්ප් හමුවීමට නික්මෙයි

Sunday, 24 February 2019 - 7:53

%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9C%E0%B6%82+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන්, වියට්නාමයේ හැනෝයි නුවර බලා නික්මී තිබෙනවා.

ඒ සඳහා ඔහු මුලින්ම යාලූනදිය හරහා ඇති මිත්‍රත්ව පාලම ඔස්සේ දුම්රියෙන් චීනයට ඇතුලූවූ බව විදෙස් වාර්තා සඳහන් කළා.

එතැන් සිට වියට්නාමය තෙක්ම කිම් ජොං අන් ගමන් කරනු ඇත්තේ විශේෂ දුම්රියෙන්.

ජනපති ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර දෙවන සමුළුව ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories