Hirunews Logo
%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
Saturday, 16 March 2019 - 8:04
නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය ජනපති, අගමැති සහ විපක්ෂ නායක හෙළා දකී
5

Shares
604

Views
නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය ජනපති, අගමැති සහ විපක්ෂ නායක හෙළා දකී

පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් 40කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ බියගුළු ත්‍රස්ත ප්‍රහාරයෙන් තමන් දැඩි කම්පාවටත්, ශෝකයටත් පත්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයන්ගේ පවුල්වලට තම ශෝකය පළ කරන බවයි ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කළේ. දක්ෂිණාංශික සන්නද්ධ පුද්ගලයන් හෝ ආගමික අන්තවාදීන් වුවද යුක්තිසහගත ලෝකය සියළු ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර හෙළා දකින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ සාමය, බහුවර්ගවාදය සහ සාධාරණත්වය පිළිබඳ ඉතිහාසයක් සහිත නවසීලන්තයට මේ අවස්ථාවේ තම සහය මෙන්ම ශෝකය පළ කරන බවයි.

මෙම සිද්ධියෙන් එම අගයන් විනාශ කිරීමට නවසීලන්ත ජනතාව ඉඩ ලබානොදෙන බවට සහතික යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ පවුල් වෙත තම සාතිශය සංවේගය පළ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
443 Views
19,170 Views
10,966 Views
11,327 Views
28 Views
66,186 Views
Top