Hirunews Logo
%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
Sunday, 17 March 2019 - 17:42
බිරිඳට සැමියා අහිමි කළ පුදුකුඩිරිප්පු අනතුර
25

Shares
3,029

Views
මන්නාරම - තලෙයිමන්නාරම මාර්ගයේ පුදුකුඩිරිප්පු ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙනුයි අද (17) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ.

යතුරුපැදිය ලොරියේ ගැටීමෙන් අනතුරුව එහි ගමන් ගත් දෙදෙනා සමඟ යතුරුපැදිය ලොරියට යටවී ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ලොරි රථයට යටවී සිටි දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා එළියට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා මියගොස් සිට ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිඳ යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ මන්නාරම, ආන්දන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි අයෙක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
12 Views
19,343 Views
11,004 Views
11,375 Views
59 Views
66,382 Views
Top