%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
Sunday, 17 March 2019 - 19:12
අගමැති විවෘත කරන්නේ තම පාලන කාලයේ සැකසූ මාර්ග - විපක්ෂ නායක
248

Views
ප්‍රතිසංස්කරණය කර අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණු මාවනැල්ල නගරයේ මාර්ග තමන්ගේ පාලන කාලය තුළ සාදා නිම කරන ලද ඒවා බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අරණායක - රහල - බටහිර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ අද (17) පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.

මේ අතර මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කරන ලෙසට වයඹ පළාත් අධිකරණ සංඝනායක, පූජ්‍ය රැකව ජිනරතන හිමියන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරනවා.

වයඹ පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන ඩී.බී. හේරත්ගේ නිවසෙහි පැවති දානමය පිංකමකට එක්වෙමිනුයි උන්වහන්සේ මෙම ඉල්ලීම කරනු ලැබුවේ.

මෙම දානමය පුණ්‍යකර්මයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද එක්ව සිටියා.


rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top