පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහට ඇප

Monday, 18 March 2019 - 16:16

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුවූ සිද්ධියකට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඇතුළු 7 දෙනෙකු ඇප මත මුදා හැරීමට පොළොන්නරුව මහාධිකරණය අද නියෝග කළා.

එහිදී නියෝග කෙරුණේ සැකකරුවන් රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි.

ජනාධිපතිවරණ සමයේ පොළොන්නරුව - අරලගංවිල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගි වී යළි පැමිණෙමින් සිටියදී ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පක්ෂ කාර්යාලයක් අසළ දී අහසට වෙඩි තබා එහි සිටි පුද්ගලයින් බිය වැද්දීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories