Hirunews Logo
%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
Thursday, 21 March 2019 - 10:10
නවසීලන්තයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි අලෙවිය සහ භාවිතය තහනම් කිරීමට පියවර
921

Views
නවසීලන්තයේ සියලූම වර්ගයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි අලෙවිය සහ භාවිතය තහනම් කරන බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පවසනවා.

බ්‍රෙන්ටන් ටැරන්ට් නැමති  ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු පසුගිය සිකුරාදා ක්‍රයිස්චර්ච්හිදී මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 50 දෙනෙකු මියයෑමත් සමඟයි ඇය මෙම තීරණය ගැනීමට කටයුතු කර ඇත්තේ.  

මෙම වෙඩි තැබීම සඳහා ප්‍රධාන සැකකරු අන්තර්ජාලය ඔස්සේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි 5 ක් නීත්‍යානුකූලව ලබාගත් බවටද තොරතුරු අනාවරණ වුණා.

ඒ අනුවයි මෙම ගිනි අවි අලෙවිය සහ භාවිතය තහනම් කිරීමට අදාළ පනත ලබන අප්‍රේල් 11 වනදා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා බවට අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ගිනිගෙන දැවුණු ප්‍රංශයේ හදවත
Tuesday, 16 April 2019 - 10:41
ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි "නොට්රඩාම්" දෙව්... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,544 Views
23,395 Views
11,821 Views
12,930 Views
26 Views
71,009 Views
Top