%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 21 March 2019 - 14:55
බස් රථ දෙකක් ගැටී 8 දෙනෙකු රෝහලේ (ඡායාරූප)
5,392

Views
පුත්තලම - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ, අනුරාධපුර - නොච්චියාගම - ගොවිපොල මංසන්ධියේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අද දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බවයි.

කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ බස් රථයක් තවත් මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

තුවාල ලැබූවන්ගෙන් 3 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් 5 දෙනා නොච්චියාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top