TNA සහ විග්නේෂ්වරන් රඟපාන බවට වරධරාජා පෙරුමාල්ගෙන් චෝදනා

Friday, 19 April 2019 - 19:22

TNA+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9F%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%B0%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවට කිසිදු තෝරාගැනීමක් නොමැතිව  අසරණ භාවයකට පත්ව ඇති බව එවක උතුර - නැගෙනහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය වරධරාජා පෙරුමාල් පවසනවා.

යාපනයේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්නට වඩා රටේ අනාගතය කෙලෙසද ඉදිරියට ගෙන යන්නේ කියන එකයි අද තිබෙන ප්‍රශ්නය. නමුත් අද තිබෙන ප්‍රශ්නය ජාති, කුල, භාෂා, ආගම් වශයෙන් බෙදා වෙන්කරලා ජනතාවගේ ඡන්දය ලබාගෙන බලය ලබාගන්නේ කෙලෙසද යන්නයි ඔවුන්ගේ බලාපොරොත්තුව මේක රටේ අවසානය කියලාත් කියන්න පුළුවන්. ඒ වගේම තමයි ජනතාවට ජනාධිපතිවරණයේදී තෝරා ගැනීම් අඩුයි. එක්සත් ජාතික පෙරමුණ හෝ මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයේ කෙනෙක් තමයි එන්න නියමිත. නමුත් ඔවුන්ගේ දෙපාර්ශ්ව පසුගිය කාලය තුළ මේ රට ආපස්සට ගෙනිහිල්ලා තියෙනවා. ජනතාවට කිසිදු තෝරාගැනීමක් නැතිව අසරණ වෙලා ඉන්නේ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා.

- ඇත්ත වශයෙන්ම හමුදාව ඉඩම් නිදහස් කරන්නේ නැහැ කියලා කිව්වාට පසුගිය වසර 10 ක් තුළ ඔවුන් සිටි විශාල ප්‍රමාණයේ ඉඩම් නිදහස් කළා කියන එක සත්‍යයක්. දෙමළ ජාතික සන්ධානය මේ අවුරුදු 5 තුළ  රජය සමඟයි හිටියේ. ඔවුන්ට හමුදා කඳවුරු අඩු කරන්නට තිබුණා. ජනතාවගේ ඉඩම් නිදහස් කරගන්න තිබුණා. නමුත් ඒවා සිදුකරන්නේ නැතුව හමුදාව විවිධ කාලවල්ව, නිදහස් කරන ඉඩම් තමන් කළා වගේ පෙන්නමින් ඉඳලා දැන් රජයට හා හමුදාවට එරෙහිව බොරුවට කතා කරනවා. ඔවුන් දැන් බොරු රඟපෑමක් කරන්නේ.

ප්‍රශ්නය - එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයාට එක්සත් ජාතීන්ගේ සංවිධානය තනතුරක් ලබා දෙනවා කියලා කතාවක් තිබෙනවා ?

එලෙස එකක් ලැබිලා ඒකෙන් දෙමළ ජනතාවට සේවයක් කරන්න පුළුවන් නම් ඒක හොඳයි. නමුත් දැන් සුමන්තිරන් කියන්නේ රනිල් වික්‍රමසිංහගේ කෙනෙක්. මෙවැනි වාතාවරණයක් තුළ සුමන්තිරන් රට තුළ උසස් තනතුරකට ආවත් ජාත්‍යන්තර තනතුරකට ආවත් ඒකෙන් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ. එමෙන්ම විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය තවමත් මනංකල්පිත ලෝකයක ඉන්නවා හැරෙන්න ඔවුන් කියන දේ පවා කරන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අවුරුදු 5 ක් පළාත් සභාව පාලනය කළත් කිසිදු දෙයක් කරගන්න බැරිවුණා. ඉදිරියටත් දෙමළ ජනතාවට හොඳක් කරයි කියලා හිතන්න අමාරුයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories