Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA+-+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Monday, 22 April 2019 - 7:27
ශ්‍රී ලංකාවේ පිපිරීම්වලින් මියගිය අය වෙනුවෙන් ලොව පුරා ශෝකය - අයිෆල් කුළුණත් අඳුරු කරයි
4,934

Views
ශ්‍රී ලංකාවට ඊයේ එල්ලවූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිකර ලොව පුරා රටවල් රැසක විවිධ ශෝකය පළ කිරීම් සිදුකරනු ලැබුවා.  

ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුළුණේ විදුලිපහන් නිවා දමා ශෝකය පළ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අයිෆල් නිල ටිවිටර් ගිණුමේ දැක්වෙන්නේ එරට වේලාවේන් රාතිී‍්‍ර 12ට අයිෆල් කුළුණේ මෙලෙස විදුලි පහන් නිවා දැමීමට කටයුතු කළ බවයි.

ඊට අමතරව රුසියාවේද පහන් දල්වමින් ශෝකය පළ කළ අතර, ඊජිප්තුවේ විදුලි ආලෝකවලින් ශ්‍රී ලංකා ධජය ප්‍රදර්ශනය කළ බවයි විදෙස් වාර්තාවල දැක්වුනේ.

එමෙන්ම මලයාසියාවේ දී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පහන් දල්වමින් ශෝකය පළ කර තිබෙනවා.

මේ අතර ලොව පුරා කලාකරුවන් ද ශ්‍රී ලංකාවේ ඊයේ ඇතිවූ තත්ත්වයට ශෝකය පළ කර තිබෙනවා.

මොවුන් අතර ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු නිළියන් වන අභිෂේක් බච්චන්ද, අනුෂ්කා ශර්මා, ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්, සුප්‍රකට ඇමරිකානු ගායිකාවන් වන, සෙලින් ඩියෝන් සහ මරායා කැරේ ද වනවා.


rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
258 Views
34,154 Views
14,614 Views
19,467 Views
1,962 Views
83,768 Views
Top