%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Monday, 22 April 2019 - 11:12
ගල්කිස්සේ නිවාස සංකීර්ණයක විශේෂ මෙහෙයුමක් - පානදුර නිවසේ හිමිකරුත් අල්ලයි
41,634

Views
ගල්කිස්ස - ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ නිවසක් මේ වනවිට හදිසි පරීක්ෂාවට ලක් කරමින් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අදාළ පරීක්ෂා කිරීම සිදුකරන බවයි.

අදාල නිවසේ පිපිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් රැදී සිටි බවට ලද තොරතුරුවලට අනුවයි මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ.

මේ අතර පිපිරීම් වලට සම්බන්ධ පුද්ගලයින් රැදී සිටි බවට හදුනාගත් පානදුර, සරික්කමුල්ල ප්‍රදේශයේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ පොලිසිය සොයා ගෙන තිබෙනවා.

දැනට සිදුකළ පරීක්ෂණවලදී හෙලිවී ඇත්තේ මෙම නිවස පසුගිය පෙබරවාරි මස 19 වනදා මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැත්තෙකු විසින් බදු පදනම මත එහි හිමිකරුගෙන් ලබාගෙන ඇති බවයි.

මසකට රුපියල් 40,000ක මුදලකට ලබාගෙන ඇති අදාල නිවස සඳහා රුපියල් හාරලක්ෂ 80,000ක අත්පිට මුදලක් ද ගෙවා ඇති බව පරීක්ෂණවලදී හෙලි වුණා.

නිවසේ හිමිකරු ද මේ වනවිට පොලසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ කිංස්බරි සහ සිනමන්ග්‍රෑන්ඩ් හෝටල් තුල සිදු වූ පිපිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් මෙහි සිට පැමිණ ඇති බවටයි.

ඔවුන් කුලී සේවා සපයන ආයතනයකින් අයදුම් කළ ස්පේෂියා වර්ගයට අයත් මෝටර් රථයකින් පැමිණ ඇති අතර කිංග්ස්බරි හෝටලයේ සී.සී.ටී.වී. පරීක්ෂා කිරීමේදී එම තොරතුරු අනාවරණය වුණා.

පසුව හෙලි වුණේ අදාල මෝටර් රථය පානදුර ප්‍රදේශයේ කාන්තාවකට අයත් බවයි.

ඔහුගේ ස්වාමි පුරුෂයා විසින් එය පදවා ඇති අතර අදාල නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු තමන් කිංස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වෙත කැදවාගෙන  ආ බවයි ඔහු පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

පෙරේදා රාත්‍රියේ මොවුන් අදාල හෝටල් වෙත පැමිණ ඇති බවට කරුණු හෙළි වී තිබෙනවා.

කිංස්බරි හෝටලයේ පිපිරීමට සම්බන්ධ වූ පුද්ගලයා රැදී සිට ඇත්තේ හෝටලයේ 08 වන මහලේ පිහිටි කාමර අංක 819යේයි.

ඔවුන් අදාල නිවසේ සිට මරාගෙන මැරෙන කට්ටල රැගෙන මෙම හෝටල් වෙත පැමිණ ඇති බවටයි පරීක්ෂණ සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පිපිරීමෙන් පසු සැකකරුවන්ගේ මුහුණු ඔවුන් හෝටල් වෙත රැගෙන ආ කුලී රථ රියදුරා විසින් හදුනාගෙන තිබෙනවා.

පොලිසිය සැකකරන්නේ ෂැංග්‍රිල්ලා හෝටලයේ සහ දෙමටගොඩ නිවසේ සිදු වූ පිපිරීමට සම්බන්ධ සැකකරු සහ කාන්තාව ද පානදුර නිවසේ රැදී සිට ඇති බවටයි.

කොළඹ නගරය තුළ බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කොළඹ නගරයට රැගෙන එන ලද බවට සැක කෙරෙන වෑන් රථයක්, එහි රියදුරු ද සමඟ වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ වැල්ලවත්ත - රාමක්‍රිෂ්ණන් මාර්ගයේ ගමන් කරමින් තිබියදියි. එම රථය සම්බන්ධයෙන් ද පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.  

මාළඹේ - මිහිඳු මාවතේදී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමෙන් පසුව ඊයේ සිය භාරයට ගත් බවයි අතුරුගිරිය පොලීසිය සඳහන් කළේ.

මේ අතර මෙම පිපිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 24 දෙනෙකු පමණ මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top