%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%2C+%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 22 April 2019 - 13:39
බ්‍රිතාන්‍යයේ දෙවන වැඩිම ඉඩම් හිමි, ඩෙන්මාර්කයේ ධන කුවේරයාගේ දරුවන් තිදෙනා කොළඹ පිපිරීමකට බිලිවෙයි
66,665

Views
කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඔහු දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු වන අතර ඉන් තිදෙනෙකුම මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූවා.

ඔහුගේ දරුවන් සිව්දෙනා මීට දින කිහිපයකට පෙර මෙරට ප්‍රධානපෙලේ හෝටලයක නිවාඩුවක් ගතකරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද ඔවුන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුනා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ Anders Holch Povlsen දරුවන් තිදෙනෙකු ඊයේ කොළඹ සිදුවූ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්වූ බවයි.

Anders Holch Povlsen සැලකෙන්නේ ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ලෙසයි.

ඔහුට එංගලන්තයේ පිහිටා ඇති ASOS නමැති රෙදි සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයේ වැඩිම කොටස් හිමි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ඩෙන්මාර්ක වංශාධිපතියෙකු වන Anders මහා බ්‍රිතාන්‍යයේ දෙවන වැඩිම ඉඩම් හිමියාද වනවා.

මේ අවාසනාවන්ත පුවත සැලවීමත් සමඟ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ඩෙන්මාර්කයේ තානාපතිවරයා ද තත්වය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top