හෙට දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Monday, 22 April 2019 - 14:21

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දිවයිනේ දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන ඊයේ සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන් උදෙසා හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික ආරක්ෂක මණ්ඩලයේදී එම තීරණයට එළඹුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම, ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ හමුදාවට බලය ලබාදීම සඳහා එම තීරණයට එළඹුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් කැදවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂා කරන අතර එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සහාය ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, කතෝලික දේවස්ථාන සහ ආරක්ෂාව අවශ්‍ය සියළු ස්ථානවලට විධිමත් වැඩපිළිවෙලක් යටතේ ආරක්ෂාව සකසන ලෙස ද එහිදී ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, ආරක්ෂක මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව ලබන මැයි මස 1 වැනිදා පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලුම පක්ෂවල මැයි රැළි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories