දෙමටගොඩ පිපිරීම් සිදුවූ නිවසෙන් ගිනි අවි සොයා ගැනේ - ප්‍රදේශ රැසක තවදුරටත් සෝදිසි මෙහෙයුම්

Tuesday, 23 April 2019 - 13:39

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
දෙමටගොඩ - මහවිල උද්‍යානය ප්‍රදේශයේ පිපිරීම් සිදුවූ නිවසේ තිබී ගිනි අවි කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ඒ, පිපිරීමෙන් අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදීයි.

මේ අතර, එම නිවස ආසන්නයේ රැදී සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන් දෙනා අතර සිටි 24 හැවිරිදි තරුණයාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තවදුරටත් ප්‍රශ්ණ කිරීම් සිදු කරනවා.

ඊයේ දිනයේදී ඔහුගේ ජංගම දුරකථනයේ තිබී දෙමටගොඩ සහ කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීම් සිදුවන අයුරු දැක්වෙන ඡායාරූප සහ දර්ශන ද හමුවුණා.

අදාළ නිවස තුළ පසුගිය ඉරිදා පිපිරීම් දෙකක් සිදුවූ බවට පොලිසිය දැනුම් දී තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණ තවදුරටත් අවසන්ව නොමැති බවයි රජයේ රස පරීක්ෂක ඒ. වැලිඅංග හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙම පිපිරීම් සිදුව ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනෙකු එම නිවස පරීක්ෂා කිරීමට යාමේදීයි.

පිපිරීමෙන් එම කොට්ඨාශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන්ගේ සිරුරු වලට අමතරව කාන්තාවගේ සහ කුඩා දරුවන් දෙදෙනෙකුගේ ද සිරුරු කොටස් හමුවූ අතර එම කාන්තාව ෂැංග්‍රිල්ලා හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ පුද්ගලයාගේ බිරිඳ බවටයි පොලිසිය සැක කරන්නේ.

මෙම කාන්තාව බෝම්බයක් පුපුරා ගෙන ජීවිතක්ෂයට පත් වූයේද වෙනත් පුද්ගලයෙකු විසින් දුරස්ථ පාලකයන් මගින් පුපුරුවා හැරීමක් සිදු කලේද යන්න නිශ්චිතව තහවුරු වී නැහැ.

ප්‍රහාරයෙන් පසු නිවසේ හිිමිකරු වන මොහොමඞ් ඊබ්‍රහිම් හෙවත් ඊබ්‍රහිම් හාජ්ජියාර් නමැත්තෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි බාර දෙනු ලැබුවේ.

මේ අතර පිපිරීම සිදු වූ දින අදාල නිවස ඉදිරිපිට නවතා තිබු සුදු පැහැති බීඑම්ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථය මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහොමඞ් යුසුෆ් අෆ්ලාල් අහමඞ් නමැති පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට පොලිසිය හදුනාගෙන තිබෙනවා.

දැනට සැකකරන්නේ මෙම පුද්ගලයා ද ප්‍රහාරයෙන් මියගොස් ඇති බවටයි.

අදාල මෝටර් රථයේ තිබී සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ නම සඳහන් වතුර බෝතල් කිහිපයක් ද සොයා ගනු ලැබුවා.

ඒ අනුව ප්‍රහාර සඳහා මෙම මෝටර් රථයද යොදා ගන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.   

ඊයේ දිනයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අදාල මෝටර් රථය ලියාපදිංචි කර ඇති මොහොමඞ් යුසුෆ් අෆ්ලාල් අහමඞ් නමැත්තගේ මහනුවර අංක 115 ශ්‍රීමත් කුඩා රත්වත්ත මාවතේ පිහිටි නිවස ද හදිසි  පරීක්ෂාවට ලක් කළා.

එහිදී පිපිරීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා මොහොමඩ් යූසුෆ් අෆ්ලාල් අහමඞ් නමැත්තාගේ සොහොයුරන් බවටයි හදුනාගෙන ඇත්තේ.

එමෙන්ම නිවසේ තිබී මෙම තිදෙනාට අයත් ගුවන් ගමන් බලපත්‍ර 05ක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම කඩුවක්, මන්නා පිහියක් ද නිවසේ තිබී සොයා ගැණුනු අතර පුද්ගලයින් හතර දෙනෙකුගේ දුරකතන අංක සඳහන් කුඩා ප්‍රමාණයේ සටහන් පොතක් ද සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories