Hirunews Logo
%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+-+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+5000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
Tuesday, 23 April 2019 - 20:28
ප්‍රදේශ රැසක තිබූ සැක සහිත පාර්සල් සහ වාහන විශේෂ පරීක්ෂාවකට - හමුදාවේ 5000 ක් ආරක්ෂාවට
43,674

Views
පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක්, වෑන් රථයක් සහ යතුරුපැදි 5 ක් ඇති බවට ලද තොරතුරකට අනුව කොළඹ දිසාවේ සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ වරාය පොලිසිය නිකුත් කළ ලිපියක දැක්වුණේ බෝම්බ සවිකර ඇති ඇලුමිනියම් තහඩුවලින් ආවරණය කරන ලද ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇති බවට බුද්ධි අංශය විසින් අනාවරණ කර ඇති බැවින් ශ්‍රී ලංකා වරායේ පිවිසුම් දොරටුවල සේවය කරන නිලධාරීන් සහ ආරක්ෂක අංශ මේ පිළිබද දැනුවත් කරන ලෙසයි.

පවතින තත්ත්වය තුළ කොළඹ කොටුව - ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, මහ බැංකු ගොඩනැගිලි පරිශ්‍රය ඇතුළු ස්ථාන රැසක ආරක්ෂාව තර කර තිබෙනු දක්නට ලැබුණා.

පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙනවා.

------------------

මීගමුව - කටුවපිටිය දේවස්ථානයේ දේව මෙහෙය අතරතුර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරු දේවස්ථානය වෙත පැමිණෙන අයුරු දැක්වෙන තවත් ආරක්ෂක කැමරා දර්ශන පෙලක් අද මාධ්‍ය වෙත ලැබී තිබුණා.

මෙම මරාගෙන මැරෙන බෝම්බකරු මීට පෙර යම් සංවිධානයක් නියෝජනය කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා ඇති බව මේ වනවිට අනාවරණ වී  තිබෙනවා.

මේ අතර, කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමට සම්බන්ධ සැකකරුවන් පැමිණි බව පැවසෙන වෑන් රථයේ රියදුරු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වුණා.

පොලිසිය පැවසුවේ දෙමටගොඩ, මහවිල උද්‍යාන ප්‍රදේශයේ පිපිරීම් සිදු වූ නිවසේ තිබී ගිනි අවි කිහිපයක් සොයා ගැනීමට හැකිවූ බවයි.

එම නිවස ආසන්නයේ රැඳී සිටියදී ඊයේ අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් තිදෙනා අතර සිටි 24 හැවිරිදි තරුණයාගෙන් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරනවා.

ඔහුගේ ජංගම දුරකථනයේ තිබී පිපිරීම් සිදුවූ හෝටල් කිහිපයක දර්ශන පොලිසිය සොයාගත්තා.   

එම නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන්ව නැතැයි රජයේ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම නිවස පරීක්ෂා කිරීමට යාමේදී සිදුවූ පළමු බෝම්බ පිපිරීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන්ගේ සිරුරුවලට අමතරව කාන්තාවකගේ සහ කුඩා දරුවන් දෙදෙනෙකුගේද සිරුරු කොටස් හමු වූ අතර එම කාන්තාව ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කළ පුද්ගලයාගේ බිරිඳ බවට හදුනාගෙන තිබෙනවා.

මෙම කාන්තාව බෝම්බයක් පුපුරවාගෙන ජීවිතක්ෂයට පත්වූයේද නැත්නම් වෙනත් පුද්ගලයෙකු විසින් දුරස්ථ පාලකයක් මගින් පුපුරවා හැරීමක් සිදුකළේද යන්න පිළිබද තවමත් තහවුරු වී නැහැ.

ප්‍රහාරයෙන් පසු නිවසේ හිමිකරුවන මොහොමඩ් ඊබ්‍රහිම් හෙවත් ඊබ්‍රහිම් හජ්ජියාර් නැමැත්තෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අතර සැකකරු පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබුවා.

අදාළ සැකකරු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙක් බවට හෙලිවන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මේ අතර පිපිරීම සිදු වූ දින අදාළ නිවස ඉදිරිපිට නවතා තිබූ සුදුපැහැති BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් යුසුෂ් අෆ්ලාල් අහමඩ් නැමති පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කළ බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

දැනට සැක කරන්නේ මෙම පුද්ගලයාද ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවටයි.

අදාළ මෝටර් රථයේ තිබී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නම සඳහන් වතුර බෝතල් කිහිපයක්ද සොයා ගනු ලැබුවා.

ඒ අනුව ප්‍රහාරය සඳහා මෙම මෝටර් රථයද යොදාගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

---------------------------

ඊයේ දිනයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ මෝටර් රථය ලියාපදිංචි කර ඇති මොහොමඩ් යූසුෆ් අෆ්ලාල් අහමඩ් නැමැත්තාගේ මහනුවර අංක 115 ක් ශ්‍රිමත් , කුඩා රත්වත්ත මාවතේ පිහිටි නිවසද හදිසි පරීක්ෂාවට ලක්කළා.

එහිදී මොහොමඩ් යුසුෆ්ගේ සොහොයුරන් දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නිවසේ තිබූ ඔවුන්ට අයත් ගමන් බලපත්‍ර දෙකක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

කඩුවක් සහ මන්නා පිහියක් ද නිවසේ තිබී සොයා ගැනුණු අතර පුද්ගලයින් 4 දෙනෙකුගේ දුරකථන අංක සඳහන් කුඩා ප්‍රමාණයේ සටහන් පොතක්ද සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.


--------------------------


මේ අතර, නොච්චියාගම නගරයේ ඉන්ධන පිරවුම්හල අසල නිවසක තිබී පිපිරවීම් සදහා යොදා ගන්නා ඇමෝනියා, වෝටර් ජෙල් කරල්, සේවා නූල් තොගයක් සහ කඩුවක් අද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගත්තා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවැසියන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරනවා.

---------------

එමෙන්ම ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරකට අනුව වෙලම්බොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර සිදුකළ පුද්ගලයෙකුට නවාතැන් ලබාදීමේ චෝදනාව යටතේයි.

------------------------

එමෙන්ම ලිදුල, රහන්වත්ත ප්‍රදේශයේදී අනන්‍යතාවය තහවුරු කළ නොහැකි වූ කාන්තාවක් පොලිසිය අත්අඩගුවට ගෙන ඇති අතර 28 හැවිරිදි එම කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්වන අතර ඇගේ ස්වාමිපුරුෂයා කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කාන්තාව වත්තල ප්‍රදේශයේ පසුගිය 12 වැනිදා රැඳී සිට ඇති අතර පසුගිය 9 වැනිදා වව්නියාව බලා ගමන්ගත දුම්රිය ප්‍රවේශ පත්‍රයක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඇගේ ජංගම දුරකතනයේ තිබී කතෝලික ආගමේ සංඛේතවල ඡායාරූප කිහිපයක්ද හමු වී ඇති අතර එම කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ සිට ලිදුල ප්‍රදේශයට පැමිණ ඇත්තේ කුමන අරමුණකින්දැයි දැන ගැනීම සදහා පරීක්ෂණ මෙහෙයවන බව පොලිසිය පවසනවා.

----------------------

මේ අතර අද දිනයේත් ස්ථාන කිහිපයක සැකකටයුතු පාර්සල් ඇති බවට ආරක්ෂක අංශ වෙත ලද තොරතුරු මත පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා.

රත්මලාන 4 වැනි පටුමග ආසන්නයේ පිහිටි කුලී පදනම මත ලබාගත් ආපනශාලාවක සේවය කළ පුද්ගලයන් 13 දෙනෙකු බෝම්බ ප්‍රහාරය එල්ල වූ පසුගිය 21 වැනිදා සිට අතුරුදහන්ව ඇති බවට පොලිසියට තොරතුර ලැබී තිබුණා.

ඒ අනුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ ගල්කිස්ස පොලිසිය එක්ව අදාළ ආපනශාලාවේ සෝදිසි මෙහෙයුමක් සිදුකළා.

----------------------

මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාව අවට නවතා ඇති රථවාහනද ඉවත් කරගන්නා ලෙස පොලිසිය අද පෙරවරුවේ රියදුරන්ට දැනුම් දී තිබෙනවා.

දළදා මාලිගාවට ඇතුළුවන සියලුම බැතිමතුන් විශේෂ පරීක්ෂාවකට ලක්කළ අතර මාලිගාව අවට යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළා.

-----------------

එමෙන්ම කදාන මංසන්ධියේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත සෝදිසි මෙහෙයුමක් දියත් කළා.

මේ අතර, කොළඹ නවම් මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක් අසලද පොලිස් විශේෂ කාර්ය බලකාය සෝදිසි මෙහෙයුමක් දියත් කළා

-----------------------

දෙහිවල දුම්රිය ස්ථානය අසල ඇති මාර්ගයක්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිරීක්ෂණයට ලක්වුණා.

මේ අතර කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක පාර්සලයක් සම්බන්ධයෙන් මගීන් කළ දැනුම්දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය පැමිණ පරීක්ෂා කරනු ලැබුවා.

-----------------------

මේ අතර අම්පාර නගරයේ ඔරලෝසු කනුව අසල නවාත තිබූ යතුරු පැදියක්ද පොලිසිය පරීක්ෂාවට ලක්කර තිබුණේ හිමිකරුවෙකු නොමැතිව අතහැර දමා ඇති බවට ලද තොරතුරක් මතයි.

නමුත් පසුව එහි හිමිකරු පැමිණ සිය අනන්‍යතාවය සනාත කර යතුරු පැදිය රැගෙන ගොස් තිබෙනවා.

---------------------

එමෙන්ම කෝට්ටේ රජමහා විහාරය සහ පිටකෝට්ටේ මංසන්ධිය අසල මාර්ගයේ තිබූ මෝටර් රථයක්ද පොලිසිය අද පරීක්ෂාවට ලක්කළේ ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලකට අනුවයි.

නගර ආශ්‍රිතව මාර්ගයන්හි රථවාහන ගාල් කොට ඉන් බැහැරව යන්නේ නම් තම අනන්‍යතාවය තහවපුරුවන අන්දමින් දුරකථන අංකයක් සහ නම ප්‍රදර්ශනයට කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කදාන - ගනේමුල්ල මාර්ගයේ සැකකටයුතු පාර්සලයක් ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකින් අනතුරුව වැලිසර නාවික හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය පැමිණ පරීක්ෂාවට ලක්කළ අතර එහිදී හෙළි වූයේ එය තිබූ හිස් බියර් ටින් තුනක් අඩංගු පාර්සලයක් බවයි.

---------------------

පසුගියදා මාවනැල්ල ප්‍රදේශයේදී බුදුපිළිමවලට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් 12 දෙනා සහ කාන්තාව හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

නමුත් ආරක්ෂක හේතුන් මත අද එම සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් මැයි මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.  

අදාළ සැකකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර, ඔවුන් රැගෙන යන අවස්ථාවේදී බන්ධනාගාර බස් රථයක කාර්මික දෝෂයකට ලක්වුණා.

පසුව ප්‍රදේශවාසීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව බස් රථය යථාතත්ත්වයට පත්කරනු ලැබුවා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
672 Views
34,499 Views
14,730 Views
19,627 Views
52 Views
84,174 Views
Top